ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනට ගිය දඩබ්බරයා...

Описание к видео ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනට ගිය දඩබ්බරයා...

#palithathewarapperuma #funeral #thewarapperuma

මිනිසත්කමේ සුවඳ හඳුනාගත් පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුකෙරුණි.

මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේය.

ඒ මහතාගේ දේහය රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ පෙරේදා රාත්‍රියේ මතුගම යටදොළවත්තේ පිහිටි නිවසට රැගෙන ආවේය.

ඒ මොහොතේ සිට ඊයේ රාත්‍රියේත්, අද දවස දවස පුරා තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ.

මෙරට දේශපාලනයේ පෙරළිකාරී මෙන්ම මානවවාදී ගුණයන්ගෙන් අගතැන්පත් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද පස්වරුවේ දැයෙන් සමුගත්තේය.

#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #viralnews

©RaviRoyster

Комментарии

Информация по комментариям в разработке